රට ම මහා ආර්ථික අර්බුදයක…! තෙල් සංස්ථා සේවකයින්ට උතුරන්න OT..!

November 28, 2022 at 10:35 am | by emanisa.lk

අතිකාල දීමනා සීම කරන්නැයි මුදල් අමාත්‍යංශය නියම කර ඇතත් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ප්‍රධාන අංශ තුනක ඇතැම් නිලධාරීන්ට හා සේවකයන්ට මාසයකට පැය 150ක අතිකාල දීමනාවක් ගෙවන බව වාර්තා වේ.

විධායක නිලධාරින්ට රාත්‍රී 7.00 පසු නිවසට යාමට ආයතනයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දෙන අතර අතිකාල දීමනාවලට අමතරව, පැමිණීමේ දීමනාව සහ සියයට 4ක පොලියට වාහන ණය ලැබීමේ පහසුකම් ද හිමි වී තිබෙන බව ද එම වාර්තා සඳහන් කරයි.

මීට අමතරව ප්‍රධාන පෙළේ අංශ තුනක සේවකයන් රාත්‍රී 10.00 දක්වා අතිකාල සේවාවල යෙදී සිටින අතර සෙනසුරාදා සේවය වෙනුවෙන් සතියේ දිනක නිවාඩුවක් ද හිමිවන බව ද දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *