රට දෙකට කරන මිලේනියම් චැලේන්ජ් උගුලෙන් රට බේරෙයි! ආණ්ඩුවේ උපක්‍රමය හමුවේ MCC අකුළ ගෙන යයි!

December 17, 2020 at 8:15 am | by emanisa.lk

ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපර්රේෂන් ආයතනය ශ්‍රී ලංකාව සඳහා ඉදිරිපත් කළ යෝජනාව අවලංගු කිරීමට පසුගිය දා රැස් වූ එම ආයතනයේ විධායක සභාව ඊයේ (16) තීන්දු කර තිබේ. ඒ සම්බන්ධ නිල නිවේදනය නුදුරේදී ම නිකුත් කිරීමට නියමිත ය.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සඳහා ඔවුන් විසින් සියොරාලියෝන් සහ කිරිබතී දූපත් රාජ්‍යය තෝරා ගෙන තිබේ. ආයෝජන ඔස්සේ ආර්ථික සංවර්ධනය උදාකර දුප්පත්කම තුරන් කිරීම සිය අරමුණ බව මිලේනියම් ආයතනය පවසයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අත්සන් කිරීමට සැලසුම් කළ මෙම ගිවිසුමට එරෙහිව එවක විපක්ෂය මෙන් ම ජාතික බලවේග දැඩි ලෙස එරෙහි විය.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසු මෙම ගිවිසුම පිළිබඳ විමර්ශනය සඳහා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත් කළ අතර එම කමිටුව ප්‍රකාශ කළේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට අහිතකර බව ය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ලබා දීමට යෝජනා කර තිබිණි. එමගින් කොළඹ සිට රට මැදින් නැඟෙනහිර ආර්ථික කොරිඩෝවක් යෝජනා කළ අතර ඒ නිසා ම රට දෙකඩ වීමේ අවධානමක් මතුව තිබිණි.

රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර ඇතුළු පසුගිය යහපාලන ආණ්ඩුව මෙම ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටියෝ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස