පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්ත්වයක්ද අද (8) පෙරවරුවේ ඇතිවිය.
සැපයුම්කරුවන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට දියර කිරි සපයා දී නැති අතර මිල්කෝ ආයතනයට දිගින් දිගටම දැනුම් දුන්න ද ඔවුන් ප්‍රමාණවත් පරිදි කිරි සපයා දීමක් නොකළ බව පාර්ලිමේන්තු ආපනශාලා නිලධාරියෙක් ප්‍රකාශ කළේ ය.
මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවල ද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පවසයි. හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට ඇතැම් ආහාර වර්ග සැපයීමේ කටයුතුද යම් ආකාරයකින් අඩාළ වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.