රට දවසින් දවස හොඳ අතට හැරෙනවා…! – නවීන්…

June 13, 2023 at 6:34 pm | by emanisa.lk

සිය පියා හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය තුළ තමන් ආණ්ඩුකාර ධූරයකට පත්වීම දෛවෝපගත සිදුවීමක් බව සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක පවසයි.

“ජනාධිපති තුමාගෙන්ම තමා අපි අභියෝගවලට මුහුණදෙන්න ඉගෙනගත්තේ. යම් තැනකට ගිහින් ඒ අභියෝගය භාරගන්න අවශ්‍යයි. විශේෂයෙන් මුල්‍ය අර්බුදයක් තිබෙන අවස්ථාවක රජයේ වියදම් කපාහරින අවස්ථාවක මම බලාපොරොත්තු වනවා මගේ හැකියාවෙන් විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් මුදල් ලබාගෙන සබරගමුවේ අධ්‍යාපන කේෂ්ත්‍රයට විශාල සේවයක් කරන්න. මට ඒක කරන්න පුළුවන් නම් මාස 18ක් වගේ කාලයක් තුළ මම ලබන ජයග්‍රහණයක්.

මම හැමවෙලේම සුබවාදීව බලන පුද්ගලයෙක්. රට දවසින් දවස හොඳ අතට හැරෙනවා. අඩුපාඩු ගොඩක් තියෙනවා. අපි ඒවා එකින් එක හදාගන්න ඕනේ. මේක දෛවෝපගත සිද්ධියක්. මගේ පියා තමා පළාත් සභා හඳුන්වා දුන්නේ. එයාගේ පුතා විදියට මම ආණ්ඩුකාරයෙක් වීම දෛවෝපගත සිදුවීමක්. මම බලාපොරොත්තු වෙනවා උපරිම වශයෙන් සබරගමු ජනතාවට සේවය කරන්න. මට ලැබුණු තනතුරේ කැබිනට් ඇමැතිවරයෙකුට සමාන බලතල තියෙනවා.”

සිය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවු අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *