රට ණය උගුලක හිර කරන්න රාජපක්ෂලා අත ඉස්සුවා..! – මරික්කාර්…

December 24, 2023 at 2:04 pm | by emanisa.lk

ඊළඟ මැතිවරණයේදී ජයගන්නේ 60 ට අඩු ජනාධිපති අපේක්ෂකයෙක් බව සජබ මාධ්‍ය ප්‍රකාශයක එස්.එම්. මරික්කාර් අවධාරණය කරයි.

”මේ රටේ තරුණ පරම්පරාවට අවු 75 එහා ගිය ඔවුන්ගේ සියලාගේ කාලේ දේශපාලනඥයෙක් වැඩක් නෑ. රට භාරදෙන්න අවු 60 ට අඩු ජනාධිපති කෙනෙක් තමා එන්නේ. එ් ජනාධිපතිවරයා තොරා ගැනීමෙ තරඟය සැප්තැම්බර්-ඔක්තෝබර් අතර මැද තියනවා.

එළබෙන සැප්තැම්බර් 16 වනදාත් ඔක්තෝබර් 16 වෙනිදත් අතරතුර අනිවාර්යෙන් ජනාධිපතිවරණය කැදවනවා. දැන් වර්තමාන ජනාධිපතිවරයා මෙම මැතිවරණයට ඉල්ලන්නේ නැතිබව පැහැදිලි. ඔහු දෙපාරක් ජනාධිපතිවරණය පරාදවුනා. තුන්වන පාර 2010 පරාදවන බව දැනගෙන ඉත්තෙක් දැම්මා. හතරවෙන් පාර ජයගහනයට ඉඩක් තිබ්බත් වෙනත් අශ්වයෙක් දාලා එ් කරපිට නැග්ගා. එනිසා මෙ පාර ලැබුනා ලක්බයිචාන්ස් එකක්. මෙ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ පරාදවන බව දන්න නිසා.

මෙවර පොදුජන පෙරමුනේ සම්මෙලනයෙන් පැහැදිලිව පෙනුනා බැසිල් රජපක්ෂ විසින් හරියටම ඉඟිය ලබා දුන්නා ඔවුන්ගේ ජනපති අපේක්ෂක ධම්මික පෙරේරා කියලා. මොකද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිළිබදවත් නොසලකා තමා ධම්මික පෙරේරාට මුලසුනක් පනවලා තිබුණේ. මෙහෙම පොදුජන පෙරමුනේ අපේක්ෂකයා ධම්මික පෙරේරා වන සංදර්භයක රනිල්ට ඡන්දේ ඉල්ලන්න පක්ෂයක් නෑ. UNP එකෙන් ඉල්ලලා කිසිම වැඩක් නෑ. එ නිසා ඔහු ජන්දේ ඉල්ලන්නේ නෑ.

අනෙක් එක තමයි රටේ වතාවරණය තුළ මේ රටේ තරුණ පරම්පරාවට අවු 75 එහා ගිය ඔවුන්ගේ සියලාගේ කාලේ දේශපාලඥයෙක් වැඩක් නෑ. රට බාරදෙන්න අවු 60ට අඩු ජනාධිපති කෙනෙක් තමා එන්නේ. එ් ජනාධිපතිවරයා තොරා ගැනිමේ තරඟය සැත්තැම්බර් ඔක්තෝබර් අතර මැද තියනවා. එ නිසා අපි මේ රටේ රාජ්‍ය නිළධාරින්ගෙන්, ආරක්ෂක අංශ නිලධාරීන්අගෙන් වෙනත් වගකිව යුතු නිළධාරින් වෙන්න පුළුවන් දේශපාලනඥයන් ලබා දෙන වැරදි නියෝග කියාත්මක කරන්න එපා.

මතකනේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ TRC අනුෂ පැල්පිටට හිරේ යන්න වුණා. එ නිසා මේ අවසාන කාලේ වැරදි නියෝග දෙන්න පුළුවන්. දැන් ජනතාව අසිමිත පිඩාවට ලක්වෙලා ඉන්නේ කුකුල් මස් කිලෝ එකක මිළ 120, බිත්තරයක මිළ 65 යි. අනිත් පැත්තෙන් ටින්කිරි එකක මිළ 650 යි.. අධික ජිවන බරින් බදු බරින් ජනතාව මිරිකිලා තියෙද්දි ජනතාව අනිවර්යෙන්ම පාරට බහිනවා. අඩුම තරමේ ලබන පාසල් වාරයේ පාසල් උපකරණ, නව සපත්තු යුවලක්වත් අරන්දෙන්න පුළුවන්ද?

මේ අධික බදු පැටවීම් එක්ක ජනතාව පාරට බහිනවා. ජනතාව සමකාමිව මේ පිඩාව පිට කරන්න අවම එවාට වැරදි නියෝග දෙන්න පුළුවන්. නමුත් එවා ක්‍රියාත්මක නොකර සිටිම නිලධාරින් සතු වගකිමක්. මොකද එයාලා නියෝගදෙයි, නමුත් ක්‍රියාත්මක කරන අයට තමා හිරබත් කන්න වෙන්නේ. එ බව මතක තියාගෙන වැඩ කරන්න.

මේ දවස්වල රාජපක්ෂ පවුලේ අලුත් නාට්‍යක් යනවා. නාමල් කියනවා” මම වැට් එකට විරුද්ධයි” කියලා …මොකද ඔහු දන්නවා ජන මතය නැති බහුතරයක් පාර්ලිමෙන්තුවේ ඉන්නවා කියලා. ඊළඟට මහින්ද මහත්තයා පන්සල් ගානේ කිය කිය යනවා මේ අධික බදු පැටවිමට විරුද්ධයිලු. විරුද්ධ නම් කට්ටියට කියන්න එපැයි මෙම අධික බදු පැටවිමට විරුද්ධයි කියලා. ණය බරින් මිරිකිලා ඉන්න රටක ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දෙනවා රාජපක්ෂවරු මෙම අර්ථික පරිහානියට වගකිව යුතුයි කියලා. නමුත් නැවත ණය අරන් රට හිරකරන්න රාජපක්ෂලා අත උස්සනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස