අටවන ජනපති උගුල් ඇටවීම නවතා ඡන්දය තබනු..! පඩිය සමෘද්ධිය දෙන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදනවා…! – මරික්කාර්…

January 18, 2023 at 2:49 pm | by emanisa.lk

අටවන ජනාධිපති පත්වූ දා සිට ම කළේ උගුල් අටවන එක යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.

අටවන උගුල්වල සීමාවක් නැති බව කී මරික්කාර්, මැතිවරණය කල් දැමීමට ගෙනෙන අන්තිම කුමන්ත්‍රණය මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත බවත් කීය.

රටක ආර්ථිකය කාබාසිනියා කළ අය ඡන්දය තියන්න සල්ලි නෑ කියන බව කී මරික්කාර්, ඡන්දය නියමිත ලෙස පැවැත්වුවහොත් වෙලාවට පඩි ගෙවන්න පුළුවන්, සමෘද්ධිය දෙන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවා ගන්න බවත් සඳහන් කළේය.

දැන් තෙල් නැව් පරක්කු කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව පැවසු මරික්කාර්, ව්‍යවස්ථාව රකින බව කියමින් පැමිණි ජනාධිපතිතුමා ව්‍යවස්ථාව කඩන්නම හදන බව ද සඳහන් කළේය.

උගුල් අටවා ඡන්දය කල් දමන්න උත්සාහ කළොත් වීථි බැස කැරලි ගහන බව ද එස්.එම්. මරික්කාර් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *