අරගලය මැදින් රට මහ ණය උගුලකට…! මාස 04ට ණය 32%කින් ඉහළට…! ඒක පුද්ගල ණය මිලියනය පනී..!

August 20, 2022 at 8:39 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය මේ වන විට රුපියල් මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

2022 වසරේ අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය මාස 4ක් ඇතුළත සියයට 32ක ප්‍රතිශතයකින් ඉහළ යෑම ඊට හේතුව බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම දත්තවලට අනුව 2022 අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 23,310.1ක් ලෙස වාර්තා වෙයි.

ඉන් රුපියල් බිලියන 12,442.3ක් දේශීය ණය වන අතර විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 10.867.8කි.

2021 වසර අවසානයේ දී රුපියල් බිලියන 17,589.4 ක් ලෙසින් සටහන්ව තිබුණු මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මාස 04 ක් වැනි කාලයක් තුළදී රුපියල් බිලියන 5,720.7 කින් හෙවත් 32.52% කින් වැඩිවී තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *