රට ගැන තීන්දු ගන්න බලතල සහිත භික්ෂු මණ්ඩලයක් ඕන! – ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි

August 31, 2020 at 1:58 pm | by emanisa.lk

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී රටට සහ බුදුදහමට බලපාන කරුණු සම්බන්ධයෙන් තීරණ ගන්නා අවස්ථාවල ඊට දායකවිය හැකි බලතල සහිත භික්ෂූන් වහන්සේලාගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පිහිටුවන ලෙස අස්ගිරි පාර්ශ්වය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එහි ලේකඛාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මහනුවර ඊයේ (30) පැවැති සම්මන්ත‍්‍රණයකදී මේ බව කියා සිටියේය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 20 වන සංශෝධනය ගෙන ඒමට පෙර ඒ සම්බන්ධයෙන් පුළුල් මහජන කථිකාවතක් ඇති කරන බව මෙම සම්මන්ත‍්‍රණයට එක්වූ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කියා සිටියේය.

19 වෙනි සංශෝධනයෙන් නතර නොවන ඒකීයභාවය තහවුරු කරන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස