රට කැළඹූ සබීතාගේ බිල්ඩිම අලුත් ආණ්ඩුවත් කුළියට ගනී….? මෙවර රහස් පොලිස් මූලස්ථානයටලු…..

February 26, 2020 at 11:26 am | by emanisa.lk

ප්‍රවීන රංගන ශිල්පිනී සබීතා පෙරේරාගේ ස්වාමිපුරුෂයාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා කුළියට ලබා ගැනීමට සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

එහි ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ල කුළියට ගනු ලබන්නේ කොපමණ මුදලකට ද යයි වහා හෙළි කළ යුතු බවයි.

මේ දිනවල පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරන නිසා මෙසේ කුලී ගොඩනැගිල්ලකට යාම තීරණය කර තිබේ.

මෙම ගොඩනැගිල්ල වසර කිහිපයක් තිස්සේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යනු ලැබූ අතර ඒ සඳහා මාසිකව අධික මුදලක් ගෙවනු ලැබීය.

ඊට එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන් නව රජය පත්වී මාස කිහිපයක් ඇතුළත අමාත්‍යංශය එතනින් ඉවත් කර ගනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස