රට කඩා වැටීම නැවතුණේ රනිල්ගේ යථාර්ථවාදී දර්ශනය නිසයි..! – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න…

October 2, 2022 at 5:59 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ රටට ප්‍රගතිශීලී වැඩ කොටසක් කළ බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

සෙසු රාජපක්ෂවරුන්ට දර්ශනයක් නොතිබූ බවත් ඔවුන් අතින් අඩුපාඩු සිදු වුව ද රාජපක්ෂවරු හොර යැයි තමා නොපවසන බවත් ආචාර්ය වික්‍රමබාහු සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස යනු නායකයෙකු නොවන බවත් රට ඉදිරියට ගෙන යා හැකි නායකයා රනිල් වික්‍රමසිංහ බවත් ඔහු පෙන්වා දෙයි.

තමන්ට රනිල් වික්‍රමසිංහ හඳුනා ගැනීමට ලැබුණේ මෑතක දී බවත් ඔහුගේ යථාර්ථවාදී දර්ශනය හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බවත් වික්‍රමබාහු කරුණාරත්ත වැඩි දුරටත් පවසයි.

ඉරිදා ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *