රටේ වසංගතයක් තියෙද්දි වැදගත් පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදියි…! – කිරිඇල්ල…

May 18, 2021 at 11:50 pm | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය රටේ පවතින අවස්ථාවක වරාය නගර සංවර්ධන පනත් කෙටුම්පත වැනි වැදගත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඉතාමත් අශෝභන දෙයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

කොවිඩ් වසංගතය පවතින අවස්ථාවක වැදගත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රෝමය ගිනි ගන්නා විට නීරෝ වීණා වාදනය කිරීම වැනි යැයි ද ඔහු චෝදනා කළේ ය.

පසුගිය සමයේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ද කොවිඩ් ආසාදිතයින් හමු වී ඇතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ය.

අද (18) පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේ දී රීති ප්‍රශ්නයක් මතු කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *