කැනඩාව ජනතාව වෙනුවෙන් පස් ගුණයක් එන්නත් අරන්…! ලංකාවේ ආණ්ඩුව තව ම ගත්තේ ලක්ෂ 05යි…! – කිරිඇල්ල…

May 13, 2021 at 10:23 pm | by emanisa.lk

ආණ්ඩුවට තවමත් මිල දී ගත හැකි වී ඇත්තේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලක්ෂ 05ක පමණ ප්‍රමාණයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළේ අද (13) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

කැනඩාව වැනි ඇතැම් රටවල් තම ජනතාවට ප්‍රමාණවත් වන එන්නත් ප්‍රමාණය මෙන් පස් ගුණයක පමණ එන්නත් ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

කොරෝනා එන්නත් පිළිබඳව ලොවපුරා කතාබහට ලක්වන කාලයේ දී ම, ප්‍රමාණවත් එන්නත් ඇණවුම් කරන්නැයි විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත් ආණ්ඩු ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකර පැණි බොමින්, ගංගාවලට මුට්ටි දමමින්, තොවිල් නැටීමට ආණ්ඩුව කටයුතු කළ බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි. එහි ප්‍රතිවිපාක අද ජනතාවට විඳීමට සිදුව ඇති බව ද ඔහු පවසයි.

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ඕනෑ ම සහයෝගයක් ලබා දීමට විපක්ෂය සූදානම් නමුත් ආණ්ඩුවට එම සහාය ලබා ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව ද ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *