රටේ වගා ඵලදාවෙන් 70%ක් ම රිලවු කනවා! මං රිලා ඇමති කරලා වහාම ගැටළුව විසඳන්න! – ඩිලාන්

September 20, 2020 at 7:58 pm | by emanisa.lk

සිය ගම් පළාතේ ඇති ලොකු ම ප්‍රශ්නය රිලා ප්‍රශ්නය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීි ඩිලාන් පෙරේරා පවසයි.

අද වන විට රටේ වගාවල ඵලදාවෙන් 70%ක්ම කන්නේ රිලව් වඳුරන් ඉත්තෑවන් වැලි මුවන් සහ මොනරුන් බව ඔහු පෙන්වා දෙයි.

මේ සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට රිලව් එළවන ඇමති ධුරයක් රටට උවමනා බවත් රිලා ඇමති ධුරය භාර ගැනීමට කිසිවෙකු නොමැති නම් එය භාර ගැනීමට තමන් සූදානම් බවත් ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

මෙම ගැටළුව සඳහා විසඳුම් ලබා නොදුනහොත් නුදුරේ දීම මත්තෙගොඩ හෝමාගම පසුකර පාර්ලිමේන්තුවට ද රිලවුන් පැමිණෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවූයේය.

මැටි ඇමති, බතික් ඇමති පත් කරන විට ඇතැමුන් සිනාසුන ද ඒවා රටේ ප්‍රශ්න අවබෝධ කරගෙන කළ පත්කිරීම් බවත් එම ඇමතිවරුන් අද කරන සේවයෙන් එය පැහැදිලි වන බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස