ගම්මිරිස් කර්මාන්තය නංවන්න ජනපතිගෙන් සැලසුම්!

July 19, 2020 at 10:01 pm | by emanisa.lk

ප‍්‍රමුඛ අපනයන භෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප‍්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සකස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇසුරුම් කළ ගම්මිරිස් අපනයනයෙන් සහ ගම්මිරිස් ආශ්‍රිත නව නිෂ්පාදන ලෝක වෙළඳපොළට හඳුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයා ගත හැකි බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ජනහමුවකට එකතු වෙමිනි.

පසුගිය ආණ්ඩු සමයේ සිය හිතවතුන්ට ගම්මිරිස් ප්‍රති-අපනයනය සඳහා අවස්ථාව ලබා දීම නිසා මෙරට ගම්මිරිස් කර්මාන්තයට දැඩි ලෙස පරිහානියට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස