රටේ ප්‍රධාන ගුවන්තොටුපළ තුන අදානි හරහා ඉන්දියාවට…!

February 11, 2024 at 6:20 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් තුනක පරිපාලනය ලබා ගැනීම සම්බන්ධයෙන් අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම සාකච්ඡා සාර්ථක වුවහොත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, මත්තල ගුවන් තොටුපොළ සහ රත්මලාන ගුවන් තොටුපොළවල පරිපාලනය අදානි සමූහ ව්‍යාපාරය සතු වනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් තුන පාලනය කිරීම සඳහා අදානි සමුහ ව්‍යාපාරය සමඟ එක්ව කටයුතු කිරීමට සැලැසුමක් ශ්‍රී ලංකාවට තිබෙන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මුම්බායි නගරයේදී ‘ද හින්දු’ පුවත්පතේ ව්‍යාපාරික වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබෙන බවද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය. එසේම ඒ සඳහා අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සංචාරකයන් මිලියන 1.48 පිරිසක් පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති බවත් මෙරට සංචාරක කාර්මාන්තය හිස ඔසවමින් සිටින මොහොතක ගුවන් තොටුපොළවල පරිපාලනය ක්‍රමවත් කිරීමට පුද්ගලික සමාගමක් සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *