ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මවන්නේ බොරු බිල්ලෙක්…! – රංගෙබණ්ඩාර…

July 25, 2023 at 8:17 am | by emanisa.lk

ඉදිරියේදී ඉන්දියානු ව්‍යාප්තවාදය යනුවෙන් නැවත බිල්ලෙක් මවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

“ජනාධිපතිතුමා ඉන්දියාවත් එක්ක ගිහිල්ලා කතා කරේ මොනවා ද? මුදල් සම්බන්ධතා තියා ගැනීම, බලශක්තිය සහ විදුලිය සම්බන්ධතාව ඇති කර ගැනීම, ගොඩබිමින් ඉන්දියාවට යාමට සහ ඉන්දියාවේ සිට ලංකාවට ඒමට මාර්ගයක් සකස් කිරීම, ඉන්දියන් රුපියල අපි පිළිගන්න සහ අපේ රුපියල ඒගොල්ලෝ පිළිගන්න.

හැබැයි මේ ටික කරලා එනකොට මේක හෙට ඉඳලා ක්‍රියාත්මක කරන්න නෙවෙයි නේ. මේ යෝජනා ටික ඉන්දියාවත් පිළිගත්තාම අපිට සිද්ධවෙනවා මේ යෝජනා ටික පාර්ලිමේන්තුවට දාන්න. මේ ඇති වෙන තත්ත්වයන් පෙන්වන්නේ නෑ.

වෙන බිල්ලෙක් මවනවා ව්‍යාප්තවාදය කියලා. ඉන්දියාව බලය අත්පත් කරගන්නවා; ශ්‍රී ලංකාව යටපත් කරනවා; පැරණි ඉන්දු ලංකා ගිවිසුම තමයි මේ රනිල් ගිහිල්ලා ක්‍රියාත්මක කරන්නේ කියලා අද ඉඳලා ගහන්න පටන්ගත්තේ නැත්නම් ඔන්න බලන්නකෝ. මෙලහකටත් මාධ්‍ය සාකච්ඡා තියලා කියලා ඇති.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *