ඉන්දියානු ව්‍යාප්තවාදය කෝපි කාලේ පරණ කතාවක්…! අනුර ඉන්නේ නවීන ලෝකේ දශක ගාණක් ඉදිරියෙන්..! – හඳුන්නෙත්ති…

February 8, 2024 at 12:05 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික සුනිල් හඳන්නෙත්ති සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.

කුහකකම් වර්ග !

Types of hypocrisy !
අනුර සහෝදරයා ඉන්දියාවේ ගිය ගමන ගැන දැන් විවිධ මත දැක්වීම් සංවාදයන් ඇතිවෙලා , ඒක දේශපාලන සංවර්ධන පැත්තෙන් හොඳ දෙයක්, මේ ඒ ගැන නෙමෙයි !
ඒ හරහා මතු වී තිබෙන කුහකකම්

– hypocrisy -වර්ග ගැනයි !
එකක් සාමාන්‍ය මනුෂ්‍යයාට දැනෙන පුද්ගල කුහකකම (personal hypocrisy) වීරවංශට දැනිලා තියෙන්නෙ ඒක ! අඩේ මමත් ජවිපෙ හිටිය නම් මටත් යන්න තිබුණු ගමනක් නේද ? මේකා මේ ගිහින් තියෙන්නේ, ඒක හරිම සාමාන්‍ය, අනුකම්පා කලයුතු කුහකකමක්!

රනිල් වික්‍රමසිංහට තියෙන්නේ වෙන කුහකකමක් ! ඒක දේශපාලන කුහකකම සහ පන්තිමය කුහකකම, ( political and class hypocrisy ) මේ මම අපේ පන්තිය හැමදාම ඇඳපු ඇදුම් ඇඳගෙන අනුර මොකද ?ඒක නිසා තමයි සමන් රත්නප්‍රිය වගේ කසිකබල් හාදයෙක් දාලා රනිල් අපේ පන්ති පහ ගැන කියවන්නේ! රනිල්ගේ කුහකකම වීරවංශගේ කුහකකමට වඩා භයානකයි!
තව අයගෙන් ප්‍රකාශ වෙන්නේ පන්තිමය කුහකකම විතරයි!

තබුත්තේගම ඉපදිලා jvp කරපු, කෝච්චියේ බුලත් විට විකුණපු අනුරයා ලෝකයේ විශාලතම බලවත් රාජ්‍යයක් වන ඉංදියාවෙන් ආරාධනා කරලම රාජතාන්ත්‍රික ලෙස පිළිගැනීම ගැන තියෙන පන්තිමය කුහකකම!

ඒ අයට ඔය පිළිගැනීම මහින්දානන්ද අලුත්ගමගේට, එස් බී දිසානායකට නෙමෙයි, බාල බෙහෙත් ගනුදෙනු කරලා දැන් හිරේ වැටිලා ඉන්න කෙහෙළියට ලැබුණත් කට පියාගෙන ඉන්න පුළුවන් ! කාලා ඉන්න බැරි මේ පිළිගැනීම “තනි සිග්නල් කනුව, තබුත්තේගම” එඩ්‍රස් එකේ අනුරයාට ලැබුණු එක යි !
මේ තුන් වර්ගයේම කුහකකම් ඇති අයගේ පොදු ලක්ෂණයක් තියෙනවා!

ඒක තමයි මේ තුන්ගොල්ලටම ලෝක ගෝලය- පෘතුවිය කැරකෙන එක දශක ගාණකට කලින් නතර වීම! ඔවුන්ට අනුව අනුර තාම කියවන්නේ පන්ති පහ! ඔවුන් තාම ඉන්නේ ඉංදියාව අපිට පරිප්පු දාපු 80 දශකයේ ! ඉන්දියානු ව්‍යාප්තවාදය ජනතාව ඉගනගත්තු කාලේ ! රනිල්ගේ මාමා යැංකි ඩිකී රොනල්ඩ් රේගන්ට කඩේ ගිය කාලේ !

අනුර අපි ඉන්නේ කැරකෙන ලෝක ගෝලයේ ! දශක ගාණක් ඉදිරියෙන් !
ගතිකත්වය (dynamics)පිළිගන්න ලෝකයේ !
නවීන වෙන දේශපාලනය එක්ක අලුත් උපාය උපක්‍රම තෝරමින් !
ඉතින් අනුර සහෝදරයාට තියෙන්නේ මේ තුන් වර්ගයේම අසරණයින්ට අනුකම්පා කරලා අර රුසියානු කියමන අනුගමනය කිරීම !
“වස්කා නම් බළලා ඇහුම්කන් දෙයි, එහෙත් නොනැවතී කාගෙන යයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *