රටේ තියෙන දෙයක් විකුණුවොත් ඉක්මනින් ගොඩ යන්න පුළුවන්…! – එස්.බී.

November 16, 2022 at 11:56 am | by emanisa.lk

මේ අවස්ථාවේ රටට මුදල් ටිකක් උවමනා බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

රටේ සංචිත වැඩි නොකර ණය නොගෙවා රටට ඉදිරියට යා නොහැකි බව ඔහු අවධාරණය කරයි.

ඒ සඳහා අවුරදු 10-15ක් බලා සිටිය නොහැකි බවත් අර්බුදයෙන් ගොඩවීමට දැන් නැගිටිය යුතු බවත් එස්.බී. දිසානායක පෙන්වා දෙයි.

දැනට රට සතු යමක් විකුණා දමා විදේශ සංචිත ගොඩනඟා ගතහොත් ඉක්මනින් නැඟීමට හැකි වනු ඇතැයි හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් අවධාරණය කරයි.

ඊයේ (15) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *