මාස 14ක පාඩුව බිලියන 372යි..! ශ්‍රීලන්කන් පෞද්ගලීකරණය කළ යුතුයි…! – රනිල්..

May 16, 2022 at 7:03 pm | by emanisa.lk

දැඩි ලෙස අලාභ ලබමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට තමා යෝජනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

2020-2021 වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක් වන අතර 2021 මාර්තු 31 වන විට එහි සමස්ත පාඩුව බිලියන 372ක් බවත් අග්‍රාමාත්‍යවරයා කීය.

ජීවිතයට කිසිදා ගුවන් යානයකට පය ගසා නැති රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ටත් මේ පාඩුව ගෙවන්නට සිදු වී තිබෙන බව ද රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

තමා ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නැතැයි ද භයානක වූවත් අප්‍රසන්න ඇත්ත තත්ත්වය කියන්නට සිදු වන බවද කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට ඉදිරියේ දී අඩිය තියන්නට සිදුවන බව ද රට ගොඩනැගීමට මිත්‍ර රටවල් සහයෝගය දීමට පොරොන්දු වී ඇති ඇති හෙයින් එතෙක් මාස කීපයක් දරාගෙන ඉන්නට සිදු වන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *