පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරනවා..! ජනතාව මිස වෘත්තීය සමිති වැදගත් නෑ…! – ජනපති…

August 17, 2022 at 7:35 pm | by emanisa.lk

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේ දී වෘත්තීය සමිති පිළිබඳ තමා නොතකන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රීලන්කන්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඛනිජ තෙල් සංස්ථාව පිළිබඳ තීන්දුවක් ගත යුතු බවය.

ඉන්ධන වෙළඳාම විවෘත කළ බවත් එහි දී සහනාධාරලාභීන් පිළිබඳ සලකා බැලිය යුතු බවත් පවසන ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය කරන්නේ තමන්ට වැදගත් වෘත්තීය සමිති නොව ජනතාව බවය.

The Economist සඟරාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *