රටේම කාන්තාවන් අප වටා රොද බැඳලා..! දැන් මාලිමාව ජයග්‍රහණය ස්ථිරයි…! – අනුර…

December 31, 2023 at 2:38 pm | by emanisa.lk

2024 වසරට තමන් පියනගන්නේ 2023 අභිබවා යන මහා ජනතා ව්‍යාපාරයක් ලෙස යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

මේ රටේ කාන්තාවන් නැඹුරු වන දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කරන බවට මතයක් ඇතැයි ද හෙතෙම කීය.

පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ වටා ආකර්ශනය වූ මෙරට කාන්තාවන් මේ වන විට ධෛර්යවන්ත ලෙස ජාතික ජන බලවේගය වටා එකතු වී ඇතැයි ද අනුර දිසානායක ප්‍රකාශ කළේය.

2024 ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ගැන යම් හෝ කුකුසක් තිබිණි නම් එය අද අවසන් වූ බව ද ඔහු කීය.

ජාතික ජන බලවේග මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඊයේ (30) අනුර දිසානායක මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *