මේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී සුනාමියට ගසාගෙන යන පොල් කෝම්බයක් වගේ ගෙදර යවනවා! – බන්දුල

June 13, 2019 at 9:38 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණ ඡන්දයේදි වත්මන් ආණ්ඩුව සුනාමියට ගසාගෙන යන පොල් කෝම්බයක් මෙන් ගෙදර යැවීමට සියලු දෙනා වගබලා ගත යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාවගේ අපේක්ෂාව වි ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතලේ රත්තොට ප්‍රදේශයේ වැනිලා වගාකරුවන් පිරිසක් සමඟ අද (13) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ දිනවල රටේ තියෙන්නේ අරාජික තත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක ජනතාවට බියෙන් සහ සැකෙන් තොරව කටයුතු කිරිම සඳහා අවශ්‍ය ප්‍රධාන කුලුණු තුනක් තියනවා. විධායකය, ව්‍යවස්ථාදායකය අධිකරණය. මේ ආයතන තුන අතර පහුගිය සමයේ විශාල අර්බුදයක් නිර්මාණය වුණා. ඒ අර්බුදය අහිතකර තත්ත්වයකට පත්වෙලා.

අගමැතිවරයා මේ දිනවල කියනවා මේ සඳහා 225 දෙනාම වගකියන්න ඕන කියලා. මේක ක්‍රමන්ත්‍රණයක්. මහ දවල් මහ බැංකු මංකොල්ලයට විපක්ෂයේ අපි වගඋත්තරකරුවන් නෙවේ. හරියට ප්‍රහාරය එල්ල කරන අයගේ නම් ගම් පවා දිලා තිබුණත් එය වළක්වා ගන්න බැරිවුණා. ඒකට විපක්ෂයේ වගකියන්න ඕන නැහැනේ. විජාතිකයින් සනසන විදිහට ගිවිසුම් ගහපු එක අපේ වගකිමක් නෙවේ. අගමැතිතුමා 225 දෙනාට මේක පටවන්න හදන්නේ ජනතාවට විපක්ෂය කෙරෙහි කලකිරිමක් ඇති කරවන්නයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස