රජයේ වියදම් සීමා කරන්න ජනපති නියෝග…! වැඩිපුර වියදම් කළොත් නිලධාරීන්ගේ අතින් කයිට්…!

August 15, 2022 at 6:50 pm | by emanisa.lk

රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම් නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිර වියදම් කළහොත් අදාළ වියදම ගැන ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකිවයුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022 -04-26 දිනැති ව යොමු කර ඇති අංක 3/2020 දරන ජාතික අයවැය චක්‍රලේඛය විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කරයි.

මේ කරුණ සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලු ම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට අද (15) ලිපියක් යොමු කර තිබෙි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *