රජයේ ආනයන සීමා නොතකා හරී! කාර් 300ක් හොර රහසේ ගෙන්වයි!

October 3, 2020 at 5:22 pm | by emanisa.lk

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ රථ වාහන 300කට අධික  සංඛ‍්‍යාවක් රේගු භාරයට ගෙන තිබේ.

පසුගිය මාස කිහිපය තුළ එම රථ වාහන මෙරටට ආනයනය කර ඇති අතර ඒවායේ ණයවර ලිපි නිසි කලට විවෘත කර නොමැති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසීය.

රට තුළ පැවැති වාතාවරණය තුළ අඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම රජය විසින් සීමා කර තිබිණි.

ඒ අතර වාහන ආනයනය නොකිරීම මුල් තැනක් ගත් බව ද සුනිල් ජයරත්න ප්‍රකාශ කළේය.

එවැනි වාතාවරණයක් තුළ රජයේ සේවකයින්ට ලබා දී ඇති තීරුබදු රහිත පහසුකම යටතේ මෙරටට ආනයනය කළ සුඛෝපබෝගී මෝටර් රථ කිහිපයක් ද ඒ අතර වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ පරීක්ෂණ බොහෝ දුරට අවසන් කර ඇති බව පැවසූ සුනිල් ජයරත්න කියා සිටියේ රට තුළ පවතින නීතිමය තත්ත්වය තුළ එම රථ වාහන රාජසන්තක කිරීමට පවා සිදු විය හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස