රංජන් හිරගෙදර වැසිකිළි සෝදයි….! ජූලම්පිටියේ අමරේ කළු තුෂාර අඹ යහළුවන් වෙයි…!

February 20, 2021 at 5:57 pm | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිවු වසරක් සිරදඬුවම් නියමවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දැන් සිටින්නේ අලුතින් ඉදිවුණු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේය.

ඔහුගේ සිරකරු අංකය N 12516 වන අතර සිරගෙදර දී ඔහු අමතන්නේ එම අංකයෙනි. රන්ජන්ව වැඩ පාටියකටද අනුයුක්ත කර ඇති අතර බන්ධනාගාරය ඇතුළත පිරිසිදු කිරීමේ කටයුතු පැවැරී ඇත්තේ පිරිසිදු කිරීමේ පාටියේ සිරකරුවන්ටය. ඊට වැසිකිළි පවා ඇතුළත්ය. රංජන් රාමනායක කිසිදු පැකිළීමකින් තොරව වැසිකිළි සෙදීමට ඉදිරිපත් වුව ද ඇතැම් සිරකරුවන් ඔහු වෙනුවෙන් එම කාර්ය ඉටු කරන බවට ද වාර්තා පළ වෙයි.

බන්ධනාගාරයේ අභ්‍යන්තර තොරතුරු මගින් දැන ගන්නට ඇති ආකාරයට අනුව රන්ජන් රඳවා ඇත්තේ ක්‍ 01 වාට්ටුවේය. එම වාට්ටුව විශාල ශාලාවක් තුළ වෙන්කරන ලද සිරමැදිරිවලින් සමන්විත එකකි. එහි සිරකරුවන් සැලකිය යුතු පිරිසක් සිටිති. ඔවුන් විවිධාකාර අපරාධ සඳහා සිරදඬුවම් නියමූවන්ය. වසර දහය පහළොව සිරදඬුවම් ලබා සිටින්නන්ද එහි සිටිති. ඔවුන් අතර නමගිය පුද්ගලයන් වන ජූලම්පිටියේ අමරේ සහ කළු තුෂාරද සිටිති. ඒ අය දැන් රන්ජන්ට සහෝදරයන් බඳුය. අඟුණුකොළපැලැස්සට රැගෙන පැමිණි දින සිට සෙසු සිරකරුවන්ගෙන් හුදෙකලා කර විශේෂ සිරමැදිරියක රඳවා සිටි රන්ජන්ව මෙම වාට්ටුවට යොමුකර ඇත්තේද ඉකුත් 01 වෙනිදා සිටය.

සිරමැදිරි තුළ ජල පහසුකම් තිබුණත් දිය නෑමට බොහෝ විට භාවිතා කරන්නේ සිරමැදිරිවලින් පිටත පිහිටා ඇති ටැංකිය. බාල්දිවලින් ටැංකියේ ජලය ලබාගෙන රන්ජන්ද ස්නානය කරන්නේ සෙසු සිරකරුවන්ගේ අවධානය ඔහු වෙත යොමු කර ගනිමිනි. රන්ජන් දිය නෑමට ටැංකි අසලට යන විට සිරකරුවෝ ඔහුට ප්‍රමුඛතාවය දෙන්නටද අමතක නොකරති. ටැංකි පිහිටි ස්ථානය පවා පිරිසිදු කරදෙති. ඒ රන්ජන්ට ඇති ගෞරවය නිසාමය.

රන්ජන් බන්ධනාගාරය ඇතුළේ සිටියත් සිය සිරුරේ හැඩය පවත්වාගෙන යාමට ව්‍යායාමවල නිරතව සිටියි. ඇතැම් ව්‍යායාම උපකරණ සකස්කරගෙන ඇත්තේ ලීටර් පහේ ජල බෝතල් දෙකකට ජලය පුරවා එය කොසු මිටක් වැනි ලීයක සවිකරය. බන්ධනාගාර රැඳවූවන් බොහෝ දෙනෙක්ගේ ප්‍රධාන ව්‍යායාම් උපකරණය වී ඇත්තේ ලීටර් පහේ ජල බෝතල්ය.

බන්ධනාගරය තුළ ගතකරන කාලය ඔහු ගතකිරීමට උත්සහ ගන්නේ විනෝදයෙනි. ඒ අතර සිරකරුවන් සමග දුක වේදනාව මෙන්ම අත්දැකීම්ද බෙදා ගනිමින් ඔහු සිටී. ඒ අතර ඔහු බන්ධනාගාරය තුළ ගතකරන කාලය කළමනාකරණය කර ගැනීමට පොතක් ලියන්නටද පටන්ගෙන ඇත. ඒ සඳහා කඩදාසි සහ පෑන් පැන්සල් ඔහුට ලැබී ඇත්තේ බන්ධනාගාරය තුළිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස