නීති විශාරදලා නීතිය දන්නේ නෑ…! රංජන්ගේ මන්ත්‍රීකම අහෝසි වෙන්නේ නෑ….! – සජිත්…

January 14, 2021 at 10:18 pm | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත වූ රංජන් රාමනායකගේ මන්ත්‍රි ධුරය අහෝසි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. ඒ පිළිබඳ ඔහු තබා ඇති ෆේස්බුක් සටහනක් මෙසේ ය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාව, 91 ව්‍යවස්ථාව, 105 ව්‍යවස්ථාව අනුව රංජන් රාමනායක මහතාට මන්ත්‍රීධූරය අහෝසි වන්නේ නැත.
සජිත් ප්‍රේමදාස.”

කෙසේ වුව ද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවකු ලෙස බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායකට මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පසුගිය දා ප්‍රකාශ කළේ ය.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක් වූ රංජන් රාමනායකගේ දුරකතන සංවාදයක ඔහු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සඳහන් කළේ සජිත් යනු කිසිදු කැපෑසිටියක් නැති ඒදඬුවල නැඟ විකාරපාන චරිතයක් බව ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *