වැසිකිළි යන්න පුටුවක් ඉල්ලා රංජන් උපවාසයක….!

March 13, 2021 at 3:13 pm | by emanisa.lk

වසර 4ක බරපතළ වැඩ ඇතිව සිර දඩුවමකට යටත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගිය දිනෙක අගුණකොළපැලැස්ස බන්ධනාගාරය ඇතුළත ආහාර වර්ජනයක් ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.

ඒ, තමන්ට වැසිකිළි යාම සඳහා පහසු පුටුවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

රන්ජන් රාමනායකගේ දණහිස්වල කලක පටන් අබාධයක් පැවතීම හේතුවෙන් සමාන්‍ය වැසිකිළියකට යාමට අපහසු වීම මත ඔහු තමන්ට වැසිකිළි යාම සදහා පුටුවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.

නමුත් බලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වීමත් සමග රන්ජන් රාමනායක උදේ සහ රාත්‍රී ආහාර ගැනීමෙන් වැළකී සිට ඇති බව දැනගන්නට තිබේ

ඊට පසුව වැසිකිළි යාම යාම සඳහා පුටුවක් ලබා දී ඇති අතර එම වැසිකිළි පුටුව ලබා දීම පසුව ප්‍රතිකේෂේප කොට ඇති බවද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *