රංජන් නිදහස් කරගන්න රහස් ක්‍රමයක් අපි දන්නවා…! දැන් ම රහස එළියට දෙන්නේ නෑ….! – කිරිඇල්ල….

January 25, 2021 at 9:30 pm | by emanisa.lk

රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව සමගි ජන බලවේගයට යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ප්‍රතිපාදන තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දෙයි.

රංජන් රාමනායකට එරෙහිව තීන්දු දුන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් බව පවසන කිරිඇල්ල, රංජන් රාමනායකට එරෙහි නඩුව ඊට වඩා විනිසුරුවන්ගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයත් තුළ යළිත් විභාග කරන ලෙස ඉල්ලීමට නීතියෙන් ප්‍රතිපාදන තිබෙන බව සඳහන් කරයි.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සමගි ජන බලවේගය ඉතා රහසිගතව කරගෙන යන බවත් ඒවා දැන්ම එළිදරව් නොකරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඉරිදා ජාතික පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *