රංජන් කියන්නේ සුමන්දිරන්ගේ යුද අපරාධ කුමන්ත්‍රණයේ ඉත්තෙක්….! ලංකාවේ අධිකරණය දූෂිතයි කීවේ දෙමුහුන් අධිකරණ පිහිටුවන්න….! – අජිත් ප්‍රසන්න…

January 21, 2021 at 12:00 am | by emanisa.lk

රංජන් රාමනායක විනිසුරුවරුන් සහ නීතීඥවරුන් දූෂිත යැයි කියා නඩු වැටුණු පසු එය සනාථ කිරීම පිණිස සාක්ෂි සපයා ගැනීම සඳහා විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කරමින් ඒවා පටිගත කළ බව නීතීඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

අපේ රටේ යුද අපරාධ සිදූ වූ බවට චෝදනා කර ඒවා විභාග කිරීම පිණිස ජාත්‍යන්තර දෙමුහුන් අධිකරණ පිහිටුවීම සඳහා ගෙන ගිය කුමන්ත්‍රණය සඳහා පසුබිම සැකසීමට රංජන් රාමනායක ඉත්තකු වූ බව ද ඔහු සඳහන් කළේ ය.

රංජන් රාමනායක වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් ලංකාවේ අධිකරණ විශ්වාස කළ නොහැකි බවත් ජාත්‍යන්තර අධිකරණ දෙමුහුන් අධිකරණ උවමනා බවත් නිතර ප්‍රකාශ කළ බව පෙන්වා දුන් අජිත් ප්‍රසන්න වැඩි දුරටත් කියා සිටියේ එම මතය සනාථ කරන ඉත්තකු බවට රංජන් රාමනායක පත් වූ බව ය.

වසරක් බන්ධනාගාරගත වී සිට ඇප ලැබීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *