රංජන්ට ජනාධිපති සමාව නෑ….? බන්ධනාගාර ඇමැති හෙළි කරයි…

July 29, 2021 at 9:16 am | by emanisa.lk

රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට තරම් හේතුවක් මෙතෙක් කිසිවෙකුත් විසින් ඉදිරිපත් කර නැති බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.

ඔහු මේ වන විට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිර දඬුවම් ලබා සිටියි.

රංජන්ට පොදු සමාව යටතේ නිදහස් ලබා දෙන්නැයි සමගි ජන බලවේගය විසින් කර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ නිදහස ලබාදීම සඳහා සාධාරණ හේතුවෙක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙස බව ද අමාත්‍යවරයා පවසයි.

රංජන් වෙත එල්ල වී ඇති චෝදනාව බරපතළ එකක් බව ද ලොහාන් රත්වත්තේ විසින් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *