රංජන්ට ආණ්ඩුවෙන් විශේෂ සමාවක්….! හරීන් ඉල්ලා අස්වෙයි….! රංජන් නැවතත් මැති සබයට…!

April 13, 2021 at 9:20 am | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර 04ක සිරදඬුවමක් ලබා සිටින රංජන් රාමනායකට විශේෂ සමාවක් ලබා දෙන ලෙස හරීන් ප්‍රනාන්දු ආණ්ඩුවෙන් ඉල්ලීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ආණ්ඩුව ඔහුට විශේෂ සමාවක් ලබා දෙන්නේ නම් හරීන් ප්‍රනාන්දු සිය පාර්ලිමේන්තු අසුනින් ඉල්ලා අස්වනු ඇත.

ඊට පසු රංජන් රාමනායක නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබේ.

ඉදිරි සතියේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මෙම ඉල්ලීම සිදු කරනු ඇතැයි දැනගන්නට තිබේ.

මෙය කිසිසේත් සිදුනොවන කාර්යයක් බවත් රංජන් රාමනායකගේ ගම්පහ ඡන්ද පදනම තව දුරටත් තමා වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා හරීන් ප්‍රනාන්දු මෙම සැලසුම දියත් කර ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *