රංජන්ගේ මන්ත්‍රී පුරප්පාඩුව පුරවල, ඔහු වෙනුවෙන් අපි කළු පටි බැඳන් උද්ඝෝෂණ කරනවා…! – අශෝක්

April 11, 2021 at 10:50 pm | by emanisa.lk

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂයකට වඩා ලබා ගත් රංජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය පවසයි.

මාස 06කට වඩා සිර දඬුවම් විඳි අයෙකුගේ ප්‍රජා අයිතිය අවුරුදු 07කට අහිමි වන බවත් ජනාධිපති සමාව ලබා දෙන්නේ නම් ප්‍රජා අයිතිය ද ලබා දිය යුතු බවත් අශෝක් අබේසිංහ සඳහන් කරයි.

රංජන් රාමනායකට මන්ත්‍රී ධූරය අහිමි වීම නිසා පුරප්පාඩු වූ ආසනය සඳහා තම පක්ෂයේ අයෙකු දිවුරුම් දුන් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද රංජන් වෙනුවෙන් අතේ කළු පටි බැඳගෙන තමන් පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය කරන බව ද අශෝක් අබේසිංහ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *