රංගගේ මරණය සැක බව බිරිඳ කියයි… ජවිපෙ දොස්තරලා කළේ අර්ධ මරණ පරීක්ෂණයක්…!

May 4, 2026 at 7:11 pm | by emanisa.lk

මහ භාණ්ඩාගාරයේ නි. අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණය සැකසහිත බව ඔහුගේ බිරිඳ පොලිසියට දැනුම් දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එම මරණයේ පශ්චාත් මරණ පරීක්ෂණය කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පරිපූර්ණ මරණ පරීක්ෂණයක් සිදුනොකර නිසි සාක්ෂි විමර්ශනයක් සිදුනොකර මෙය සියදිවි නසාගැනීමක් විය හැකි යැයි තීන්දු කළේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

සියදිවි නසාගැනීම සඳහා ගෙළ වැල ලා ගැනීම, වෙඩි තබාගැනීම, වස පානය, දුම්රියට පැනීම වැනි ලොව ජනප්‍රිය ක්‍රමවේද තිබියදී බල නහර කපා ගැනීමෙන් මරණය සිදුකර ගත්තේද නැතහොත් යම් විෂක් ලබාදී සිහිමූර්ජා කර බල නහර කපා ඔහු ඝාතනය කළේද යන සැකය පවතින බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

මෙම මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ සිව් පුද්ගල වෛද්‍ය කණ්ඩායමේ දෙදෙනෙකු විශ්වවිද්‍යාල සමයේ උග්‍ර ජවිපෙ සාමාජිකයන් බවත් අයකු කතානායකවරයාගේ මිතුරෙකු බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ස්වාධීන කමිටුවක් පත්කර මරණ පරීක්ෂණය පවත්වනු වෙනුවට පක්ෂයට සම්බන්ධ අය සහ හිතවතුන්ගෙන් සමන්විත කමිටු මාර්ගයෙන් එය සිදුකිරීමද සැකකටයුතු බවයි, උදය ගම්මන්පිල සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *