මහා භාණ්ඩාගාරයේ සිදුවූ ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳව මුලින්ම අනාවරණය කරමින්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල වශයෙන් පැමිණිලි කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රංග රාජපක්ෂ අභිරහස් ලෙස මියගොස් තිබේ.
මෙම මරණය හදිසි හෘදයාබාධයක්, සියදිවි නසාගැනීමක් හෝ වෙනත් බාහිර බලපෑමක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිස් පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇති අතර, රටම කම්පනයට පත් කළ මෙම පුවතත් සමඟ භාණ්ඩාගාර වංචාවේ නැවතත් උණුසුම් වී ඇත
මෙම සිදුවීමේ ඇති වඩාත්ම සැකකටයුතු සහ අභාග්‍යසම්පන්න තත්ත්වය වන්නේ, රජයේ මුදල් මංකොල්ලකෑම පිළිබඳව පළමුවෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගිය නිලධාරියා වූ රංග රාජපක්ෂ මහතාගේ සේවය බලධාරින් විසින් තහනම් කර තිබුනේ ඔහුද මේ වංචාව සඳහා වගකිව යුතු අයෙක් වූ බැවිනි. ඒ ඔහු සේවය කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මේ වංචාවට වගකිව යුතු ප්‍රධාන පාර්ශ්වය නිසාය.