මිලියන දෙකහමාරේ වංචාවට පහළ නිලධාරීන්ගේ වැඩ තහනම්: ‘පරීක්ෂණ ක්‍රියාත්මක නිසා මා ඉල්ලා අස්විය යුතු නෑ’…! – මුදල් අමාත්‍යංශ ලේකම්…

April 24, 2026 at 12:01 pm | by emanisa.lk

මහා භාණ්ඩාගාරය තුළ සිදුව ඇති බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මූල්‍ය කොල්ලය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද, මේ මොහොතේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යපෙරුම පවසයි.

මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, තමන් ඉල්ලා අස්විය යුතුද යන්න තීරණය කළ හැක්කේ එම පරීක්ෂණවල ඉදිරි ප්‍රගතිය මත පදනම්ව බවත් හෙතෙම සඳහන් කරයි.

මහා භාණ්ඩාගාරය වෙත එල්ල වන මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳ වගකීම භාරගෙන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන්නේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙම වංචාව සම්බන්ධයෙන් පහළ මට්ටමේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පදනම් වූ නිශ්චිත චෝදනා මොනවාදැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර, ඊට ප්‍රතිචාර දැක්වූ ලේකම්වරයා සඳහන් කළේ විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් එම තොරතුරු මේ මොහොතේ හෙළි කළ නොහැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *