යූරියා කියන්නේ කාබනික පොහොරක්…! ඒවායේ බැර ලෝහ නෑ…! පසේ බැර ලෝහ තිබුණත් ඇඟට එන්නේ නෑ…! – මහාචාර්ය මෙත්තිකා විතානගේ..

November 3, 2021 at 10:33 pm | by emanisa.lk

තහනමට ලක්ව ඇති යූරියා පොහොරවල බැර ලෝහ අන්තර්ගත නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජල භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසයි.

අද (03) පැවැති ආනයනික කාබනික පොහොර අර්බුදය දේශීය පස සහ ගොවියා නම් සම්මන්ත්‍රණයක එකතු වෙමින් මහාචාර්යවරිය මේ බව අවධාරණය කළාය.

යූරියා පොහොරින් වකුගඩු රෝග, පිළිකා හැදෙන බව සඳහන් කළ ද ඒවා රසායන විද්‍යාව අනුව කාබනික පොහොර බව ද ඇය අනාවරණය කළාය.

යූරියාවලට කිසිදු අවස්ථාවක බැර ලෝහ එකතු නොවන බවත් එහි බැර ලෝහ නොමැති බවත් මහාචාර්ය විතානගේ ප්‍රකාශ කරයි.

පසේ බැර ලෝහ තිබුණ ද ඒවා ඒ මට්ටමින් වී ගසට හෝ වී ඇටයට හෝ අපේ සිරුරට හෝ එකතු නොවන බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *