පොහොර ගැන බොරු බිල්ලෝ මවන්න එපා…! අපි ගේන්නේ යූරියා නැනෝ නයිට්‍රජන් නෙමෙයි…!

October 21, 2021 at 11:09 pm | by emanisa.lk

පොටෑසියම් ෆ්ලෝරයිඩ් යනු රසායනිකයක් යැයි කියන්නේ මෝඩයින් බවත් එය පාෂාණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

ඉන්දියාවෙන් ගෙන එන්නේ තාක්ෂණය භාවිත කළ නැනෝ නයිට්‍රජන් බවත් එහි වර්ග දෙකක් ඇති බවත් මන්ත්‍රීරයා සඳහන් කරයි.

පළමු වැන්න ශාඛ සහ සත්ව කොටස් එකතු කර සාදන නැනෝ නයිට්‍රජන් බවත් දෙවැන්න යූරියාවලින් සාදන නැනෝ නයිට්‍රජන් බවත් කුට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

යූරියාවලින් තැනූ නයිට්‍රජන්වල රසායනික බව අධික බවත් එය ලංකාව ගෙන ඒමට තහනම් බවත් පවසන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට ගෙන එන්නේ ශාඛ හා සත්ව කොටස්වලින් සාදන නැනෝ නයිට්‍රජන් පමණක් බව අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *