යුගදනවි ආයෝජනයට ආණ්ඩුවේ සුළු පක්ෂ විරුද්ධ නෑ…! විස්තරේ කිව්ව ම හැමෝ ම පැහැදුණා…! – පොහොට්ටු ලේකම්…

September 23, 2021 at 9:18 pm | by emanisa.lk

යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳ අද (23) ශ්‍රී ලංකා පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී ඉතා හොඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මෙහි දී කිසිදු විකිණීමක් සිදු නොවන බවත් සමාගමේ කොටස් 40%ක් අවුරුදු 15ක් සඳහා ලබා දීමට යෝජනා වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කරයි.

එහි දී කිසිදු පක්ෂ නායකයකු එරෙහි නොවූ බවත් කරුණු පැහැදිලි කළ පසු එය රටට ඉතා ම හිතකර ආයෝජනයක් බව ඔවුන් අවබෝධ කරගත් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මෙහි දී හම්බන්තොට වරාය මෙන් 99 අවුරුද්දක් සඳහා බදු නොදුන් බවත් එය රටට ඉතා හිතකර ආයෝජනයක් බවත් සාගර කාරියවසම් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *