යුගදනවි බලාගාරයේ රජයේ කොටස් 40%ක් ඇමරිකාවට…! විදුලිබල වෘත්තීය සමිතිවල දැඩි විරෝධය….!

July 12, 2021 at 8:12 am | by emanisa.lk

කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ රජයට අයත් කොටස්වලින් 40%ක් ඇමරිකානු සමාගමකට විකිණීමට මුදල් අමාත්‍යංශය මූලික ගිවිසුම් අත්සන් කර ඇත.

මෙයට කලින් රජයේ කොටස්වලින් 51%ක් විකිණීමට අපේක්‍ෂා කළ නමුදු එම අදහස ඉවත් කරගත් රජය තම කොටස්වලින් 11%ක් ඉතිරි කරගෙන සෙසු කොටස් විකිණීමට තීරණය කර ඇත.

මෙම කොටස් මිලට ගනු ලබන්නේ ඇමරිකාවේ නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගම මගිනි. එම ගිවිසුමට අනුව පාවෙන ගෑස් ගබඩාවක් ඉදිකිරීමට නියමිතව ඇත. එයට සවි කළ නළ මාර්ගයක් මගින් කැලණිතිස්ස සහ යුගදනවි බලාගාරවලට ගෑස් සැපයෙනු ඇත.

මෙම ගනුදෙනුවට අදාළ කැබිනට් පත‍්‍රිකාව මීට දින කිහිපයකට පෙර සකස් කරන ලදී. පත‍්‍රිකාවේ මූලික ස්වරූපයට අනුව ඇමරිකන් සමාගමට විකිණීමට නියමිතව තිබුණේ කොටස් 40%ක් නොව කොටස් 51 කි.
බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය බලවත් විරෝධය පළකර තිබිණි.

මේ අතර නැවත මෙරට ගල් අඟුරු බලාගාර ඉදිනොකිරීමට ද රජය තීන්දු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස