යුගදනවි කොටස් ඇමරිකාවට දීමට එරෙහිව ඇල්ලේ හිමි කාදිනල්තුමා සමග අධිකරණයට…!

October 18, 2021 at 5:41 pm | by emanisa.lk

යුගදනවි බලාගාරයෙ කොටස්වලින් මහා භාණ්ඩාගාරය සතු කොටස්වලින් 40ක කොටස් ඇමරිකානු නිව් ෆෝර්ටෙ‍්‍රස් සමාගමවට පවරා දීම සහ ලංකාවට අවශ්‍ය ද්‍රව වායු සැපයුමේ ඒකාධිකාරය අදාල සමාගමට පවරා දීමට එරෙහිව, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ මැල්කම් රන්ජිත් කාදිනල් හිමි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පෙත්සම මගින්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කැබිනට් මණ්ඩලය, මුදල් අමාත්‍යංශ ලේකම් සහ නීතිපතිවරයා ඇතුළුව 54 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු නිව්ෆෝර්ටෙ‍්‍රස් සමාගමට පැවරීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 06 වන දා කැබිනට් මණ්ඩලය ගනු ලැබ තීන්දුව බලරහිත කරන ලෙසත්, පෙත්සම විභාගයට ගෙන අවසන්වන තුරු ගිවිසුම කි‍්‍රයාත්මක වීම අත්හිටුවන ලෙසත්, පෙත්සමින් ඉල්ලා සිටියි.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ සුලු පක්ෂ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද ජනාධිපතිවරයා දන්වා ඇත්තේ ඒ පිළිබඳ අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙස ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස