යුගදනවි මිලට ගත් ඇමරිකානු සමාගම බංකොලොත්…! බංකොලොත් ලංකාවේ ගෑස් ඒකාධිකාරය ගත්තේ පාඩුව පියවගන්න…! – පාඨලී…

October 2, 2021 at 4:15 pm | by emanisa.lk

යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගම මගින් මිල දී ගැනීම බංකොළොත් සමාගමක් තමන්ගේ බංකොළොත් භාවය නැති කරගන්න බංකොළොත් ලංකාව අල්ලා ගෙන කරන සෙල්ලමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

එම සමාගම 2015 සිට දරුණු ලෙස පාඩු ලද ආයතනයක් බවත් පාඩු ලබන සමාගම් වෙත ලබාදෙන 6.5%ක පොලී අනුපාතය යටතේ ඩොලර් මිලියන 800ක ණයක් මේ හරහා ලබාගැනීමට එම සමාගම සුදානම් වන බව ද ඔහු සඳහන් කළේය.

මෙම ගිවිසුම හරහා ප්‍රධාන බලාගාර දෙකට ගෑස් ලබාදීම සම්බන්ධයෙන් වූ ගිවිසුම තවම රහසක් බවත් දැනගන්නට ඇති ආකාරයට එලෙස ගෑස් සැපයීම සහ අනෙකුත් සේවා සැපයුම් හරහා ඩොලර් මිලියන 1500ක ලාභයක් ලබන්නට මෙම සමාගම සූදානමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *