යුක්‍රේන සංචාරක ව්‍යාපෘතිය සාර්ථකයි….! රටට ලැබුණු ආදායම රු. කෝටි 42යි….! – සංචාරක ගෝඩ් ෆාදර්….

January 16, 2021 at 2:56 pm | by emanisa.lk

පසුගිය සති තුනක කාලයේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ සංචාරකයන් ගෙන්වීමේ වැඩසටහන යටතේ මෙරටට පැමිණි එක්දහස් පන්සියකට අධික යුක්‍රේන සංචාරකයන්ගෙන් ඇමරිකානු ඩොලර් විසි දෙලක්ෂ පනස් දහසකට වැඩි ආදායමක් ලැබී තිබේ.

පසුගිය සිකුරාදා වන විට (15) ගුවන් යානා නවයකින් යුක්‍රේන සංචාරකයන් එක්දහස් පන්සියකට වැඩි ප්‍රමාණයක් මෙ ටට පැමිණ තිබේ. එසේ පැමිණි සංචාරකයන්ගෙන් කොටසක් මේ වන විට ආපසු ගොස් ඇති අතර එම සංචාරකයන් අඩු ම වශයෙන් දින දහයකට වැඩි කාලයක් මෙ රට රැඳී ඇත.

ඔවුන් හෝටල් කාමරයකට දිනකට ඇමරිකන් ඩොලර් 125-150ත් අතර මුදලක් වියදම් කර තිබේ. ඊට අමතර ඔවුන් එළියට ගොස් වෙනත් ස්ථානවල සංචාරය කිරීම් හා භාණ්ඩ මිල දී ගැනීමේ දී අඩුම තරමේ ඩොලර් සියකට වඩා වැඩියෙන් වියදම් කළ බව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ උදයංග වීරතුංග පැවසී ය.

ඒ අනුව එම සංචාරකයන්ගෙන් ලැබුණු මුදල ලංකා මුදලින් රුපියල් කෝටි 42කට වැඩි බව ද හෙතෙම සඳහන් කළේ ය.

මෙම සංචාරක ව්‍යාපෘතියේ ගෝඩ් ෆාදර් තමා බව උදයංග වීරතුංග පසුගිය දා සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස