යුක්‍රේනයෙන් පැමිණි සංචාරක පිරිසේ තිදෙනෙකුට කොරෝනා…!

December 30, 2020 at 1:29 pm | by emanisa.lk

නැවත සංචාරක කර්මාන්තයට අවසර ලබා දීමත් සමග මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (29) මෙම පිරිස මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීමට මෙ රට සෞඛ්‍ය අංශ පියවර ගත්තේ ය.

ඒ අනුව තිදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවලිය අනුව නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *