යුක්තිය මෙහෙයුම අත්හිටුවයි..! කුඩ්ඩන්ට අස්වැසිල්ලක්…!

December 24, 2023 at 10:22 am | by emanisa.lk

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සොයා දියත් කළ යුක්තිය මෙහෙයුම අද (24) සිට දින කීපයකට අත්හිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්‍ය බැවින් මෙම තීන්දුව ගෙන තිබේ.

ඒ අනුව අද සිට 26 වැනිදා දක්වා දින තුනක් යුක්තිය මෙහෙයුම අත්හිටුවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *