යාපනේ හෙල්ලූ ආවා කල්ලි නායකයා අත්අඩංගුවට!

June 29, 2020 at 8:50 am | by emanisa.lk

යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ නායකයා ලෙස සැලකෙන විනෝදන් හෙවත් විදූෂන් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පසු ගිය 27 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

ආවා කල්ලි නායකයා ඇතුළු පිරිසක් යාපනේ කන්කසන්තුරේ පාරේ නිවසකට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත අදාළ නිවස වැටලූ විශේෂ කාර්ය බලකාය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ආවා නායකයා යාපනයේ චුන්නාකම් පොලිසියට භාර දී තිබේ. පසුගිය සමයේ ආවා කල්ලිය කළ කඩුවලින් පහර දීම්, බිය ගැන්වීම් ආදී මැර ක්‍රියා නිසා යාපනේ ජනතාව මහත් භීතියට පත්ව සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස