යහපාලන පොහොර සභාපති අත්අඩංගුවට! රු. ලක්ෂ 900ක් වංචා කරලා!

November 20, 2020 at 8:18 am | by emanisa.lk

රුපියල් මිලියන 90 ක (ලක්ෂ 900) මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සීමාසහිත ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා ඊයේ (19) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පෞද්ගලික සමාගමකින් දියර පොහොර මිල දී ගැනීමේ දී සිදුවී ඇති රුපියල් මිලියන 90 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් 2020 ජනවාරි 14 වැනිදා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

2017 සිට 2019 දක්වා ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සැකකරු බත්තරමුල්ල, වික්‍රමසිංහපුර පිහිටි ඔහුගේ නිවසේ දී මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස