යහපාලන කාලේ බිලියන ගණනක ඖෂධ වංචාවක්…! NMRA දත්ත ගබඩා හිතාමතා විනාශ කරලා…! – ඖෂධ ඇමැති චන්න….

September 18, 2021 at 10:37 pm | by emanisa.lk

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම අත්වැරදීමක් නොව හිතාමතා සිදුකළ කුමන්ත්‍රණයක් බව ඖෂධ නිෂ්පාදන සහ නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ දැවැන්ත ඖෂධ වංචා ගණනාවක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් මෙසේ මකා දමා ඇත්තේ එම වංචාවලට අදාළ දත්ත ලිපි ගොනු බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

එම වංචාව රු. බිලියනකට අධික බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කොමිසමක් මගින් එකල එක් ඖෂධයකින් පමණක් මිලියන 850ක් වංචා කර ඇතැයි හෙළිකර ගෙන ඇති බවත් ඔහු අනාවරණය කරයි.

මෙම දත්ත පද්ධතිය නඩත්තු කිරීම සඳහා අදාළ සමාගම තෝරා ගෙන ඇත්තේ ද පසුගිය ආණ්ඩුව විසින් බව ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස