මෝදි පක්ෂයට ලංකාවේ ඡන්දේ ඉල්ලන්න හැකියාවක් නෑ….! මැතිවරණ කොමිසම….

February 15, 2021 at 10:09 pm | by emanisa.lk

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිලේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටුවීමට කිසිදු අවස්ථාවක් නැතැයි මැතිවරණ කොමිසම පවසයි.

කිසිදු විදෙස් දේශපාලන පක්ෂයකට මෙරට තුළ ලියාපදිංචි වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු පනත අනුව නොහැකි බව එහි සභාපති නිමල් පුංචිහේවා අවධාරණය කරයි.

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අද අනාවරණ කළේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහාගේ නිල ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

ඉන්දියාවේ පැවැති මහජන සමුළුවක දී ඔහු පවසා තිබුණේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවය.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ බව ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා පවසයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *