මොරටුවේ හෝටලයට වෙඩි තැබූ පාතාළ කෙරුමා මරුට!

June 7, 2020 at 8:28 am | by emanisa.lk

පසුගිය දා ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට කප්පම් නොදුන්නේ යැයි වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මියගොස් ඇති බව වාර්තා වේ.

මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේදී පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී මෙම පාතාළ සාමාජිකයා මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න පවසයි.

සැකකරු වයස අවුරුදු 50ක පමණ රාජා විමලධර්ම නොහොත් ගොනා කෝවිලේ රාජා නම් පුද්ගලයෙකු වන අතර රත්මලාන, මොරටුව ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවෙකු බවත් ඔහු විවිධ නම්වලින් පෙනී සිටි අයෙකු බවත් හඳුනාගෙන තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස