මෛත්‍රී ජනපති කරවීම මා කළ ඓතිහාසික වරදක්…! – චන්ද්‍රිකා …

April 30, 2024 at 5:53 am | by emanisa.lk

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් විනාශයට වග යුතු පුද්ගලයින් දෙදෙනෙකු ඇතැයි කී ඇය ඔවුන් දෙදෙනාම තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ බව කීවාය.

කෙසේ වෙතත් නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා වැඩබලන සභාපති ධූරය දරන ලංකා නිදහස් පක්ෂය නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කී ඇය තමා එහි තනතුරක් බාර නොගන්නා නමුත් පක්ෂය ආරක්ෂා කරගෙන වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බව ද කිවාය.

හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ ඊයේ (29) උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *